Friday 19th of June 2026

English Tamil
Advertiesment


සංචාරකයින්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක්..!


2018-04-27 14880

(නිලන්ති චන්ද්‍රසේන)

වැලිගම මිරිස්ස ප්‍රදේශයේට  පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්  තාවකාලික පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටුවා තිබේ.

මීට  ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට පහර දීමේ සිද්ධියයි . නමුත් ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වැලැක්වීම සඳහාත්  මෙය බොහෝ දුරට පිටුවහලක් වනු ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂයෙන් සංචරකයින් බොහෝ සෙයින් ගැවසෙන මුහුදු තීරවල ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින්ට  මුහුදු තිරයේ ගමන් කල හැකි රථ ද මේ වන විටත් ලබා දී තිබේ.තවත් මෙවැනි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු දෙකක්ක්  ත්‍රිකුණාමලය සහ ආරුගම්බේ ප්‍රදේශවල ද ස්ථාපිත කොට ඇත.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment